Saturday, June 14, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සජබ-එජාප එකතු වෙද්දී අනුර ස්වාධීන කණ්ඩායම් පස්සේ යයි!

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර අද දින විශේෂ එකගතාවයක් ඇතිවිය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදීය.

මෙම හමුවට එජාපය නියෝජනය කරමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල සහ සාගල රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
සාකච්ඡාවෙන් පසු පක්ෂ දෙකේ මහලේකම්වරුන් විසින් අත්සන් තබන ලද මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණ.

මේ අතර පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කරන ලද ස්වාධීන කණ්ඩායම් පහක සභිකයන් සමග ජනාධිපති අනුර දිසානායක මහතා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයන් නව දෙනෙකු කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles