Friday, June 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සජිත් නිසා මාලිමාවට කැරකුණ කොළඹ, සජබට හරවන්න රනිල් බැහැලා!

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවුණු කොළඹ මහ නගරසභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති අකමැත්ත හේතුවෙන් විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සමගි ජන බලවේගයට සහාය දැක්වීමට අකමැති වීම හේතුවෙන් මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වීමට නියමිතව තිබිණි.

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගරසභාවේ බලය ඇල්ලීමේ සටනට මැදිහත්ව සිටින බව වාර්තා වේ. ඒ මහතා මේ වනවිටත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම සමග සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විපක්ෂයේ සියලු දෙනාටම එකඟ විය හැකි මෙන්ම කොළඹට වැඩක් කළ හැකි නායකයකු කොළඹ නගරාධිපති තනතුරට පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන බවත් ආරංචිමාර්ග පැවසීය. පසුගිය මැතිවරණයේ දී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය. දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවය පවතී. සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට තවත් සභික ධුර 30ක් අවශ්‍යය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන් තමාගේ ගොඩට දිනා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ප්‍රකාශකයින් තම පක්ෂවල ජයග්‍රහණය පිළිබඳව විවිධ ප්‍රකාශ නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles