සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කොළඹ මහ නගර සභාවේ බලය කුමන හෝ ආකාරයකින් පිහිටුවන බවට ප්‍රකාශ කළද, එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ වයස අවුරුදු 19ක තරුණියකට පරාජයට පත්වී ඇත.
සජිත් පිල කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස බොරැල්ල ආසනයේ කොට්ඨාසයක් නියෝජනය කරන වෛද්‍ය රුවේස් හනීෆා නම් කර තිබුණි. එම කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූයේ වයස අවුරුදු 19ක් වූ ලාබාලම අපේක්ෂිකාවකි.
එසේ තිබියදී සජිත් පිල යවන ප්‍රචාරවලට අමාත්‍ය විජිත හේරත් ලබා දුන් පිළිතුර පහතින් පළ කෙරේ.