සමගි ජන බලවේගය විසින් ඊයේ (01) සංවිධානය කරන ලද තලවකැලේ පැවති මැයි දින රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම නිසා කෙටි වේලාවකින් රැස්වීම හමාර කරන්නට සිදුව ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම මැයි රැලිය ඇමතීමෙන් අනතුරුව තවත් රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් එම රැස්වීමෙන් ඉවත්ව යෑමත් සමඟ රැස්ව සිටි ජනතාව විශාල සංඛ්‍යාවක් රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ජනතාව රැස්වීමේ නතර කරගැනීමට විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවීම නිසා කෙටි වේලාවකින් රැස්වීමේ වැඩ කටයුතු හමාර කොට තිබේ.
රැස්වීමේ කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි සමගි ජන බලවේගයේ ප්‍රබලයන් පිරිසක් මේ පිළිබඳව කණගාටුවෙන් සිටින බව ද වාර්තා වේ. එය දෙගුණ තෙගුණ වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමේ අතරමඟ නැවත කොළඹ පැමිණ ඇත්තේ ප්‍රකට ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වන මිලින්ද රාජපක්ෂ විසින් පවත්වන ‘බයි තක්සලාව’ නම් වැඩසටහනක් සඳහා සහභාගී වීමට බව සැලවීමත් සමඟයි.