back to top
Tuesday, October 28, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

“මම ජනාධිපති කියලා මට හිතෙනවා!” – විපක්ෂයේ රැළියෙන් පැන ගිය සජිත්, රට අමතක කළේ ඇයි?

විපක්ෂයේ විරෝධතා මෙහෙයුම්වලින් සමගි ජන බලවේගය (SJB) ඉවත් වී, තම මතවාදය වෙනුවෙන් වෙනම ගමනක් යාමට තීරණය කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට සහභාගී නොවන බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා නිවේදනය කළේය. මෙම තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකටද SJB එකෙන් කිසිවෙකු සහභාගී නොවීය.

සජිත්ට “ජනාධිපති සජිත් ප්‍රේමදාසට” කතා කරන බවට හැඟේ!

මෙවැනි තත්ත්වයක් මත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා විලච්චියේ පාසලක පැවති මහජන රැස්වීමකදී කළ ප්‍රකාශයක් දැඩි කතාබහට ලක්ව තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කළේ, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අසා සිටින විට, තමන්ට “ජනාධිපති සජිත් ප්‍රේමදාසටද” කතා කරන්නේ යනුවෙන් හැඟෙන බවයි. ජනතාවට ආණ්ඩුවකට ජනවරමක් දී තිබියදී, තම ළඟට පැමිණෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙම ප්‍රකාශය, රටේ යථාර්ථයට වඩා තම දේශපාලන අභිලාෂයන් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා වැඩි අවධානයක් යොමු කර ඇති බවට විචාරක මතයන් තවදුරටත් තහවුරු කරයි.

රට වෙනුවෙන් කළ දේ අමතක කළ සජිත්-හර්ෂ

රට ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන මොහොතක, සජිත් ප්‍රේමදාස මහතා පස්සා දොරින් පැන ගිය බවට මතයක් පවතී. තවද, SJB ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා මහතා, රටේ ආර්ථිකය නැවත ගොඩගත නොහැකි බවට ප්‍රකාශ කරමින් වගකීම් විරහිත ස්ථාවරයක් ගත්තේය. ඊට වෙනස්ව, පොහොට්ටුවේ දක්ෂ තරුණ අමාත්‍යවරුන් (ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර වැනි) පත් කරමින් රනිල් මහතා රට ස්ථාවර කිරීමට කටයුතු කළේය. එබැවින්, රට වෙනුවට තම දේශපාලන අනාගතය ගැන සිතූ සජිත් සහ හර්ෂගේ ක්‍රියාකලාපය කිඹුල් කඳුළක් බවට පත්ව ඇත.

රටට මරුකටක්

සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින ඇතැම් උපදේශකයන් විශ්වාස කරන්නේ, මාලිමාවේ (JVP) ඡන්ද කැඩී ගියහොත් නාමල් රාජපක්ෂට වාසි අහිමි වී සජිත්ට ජනාධිපති ධුරය පහසුවෙන් ලබාගත හැකි බවයි. ඔවුන්ගේ ගණන් බැලීම්වලට අනුව, වමට බර විකල්පයක් (SLPP, SLFP, විමල් වීරවංශ) බිහි වී JVP ඡන්ද කැඩීමෙන් වාසිය SJB වෙත යනු ඇත.

කෙසේ වෙතත්, මෙම උපදේශකයන්ට අමතක වී ඇත්තේ, මාලිමාවෙන් ඉවත් වන ඡන්ද ප්‍රවාහය (ලක්ෂ 15-20ක්) දිනා ගැනීමට නම්, සාම්ප්‍රදායික පක්ෂ තමන් අලුත් වී ඇති බව ප්‍රායෝගිකව ඔප්පු කළ යුතු බවයි. කලකිරුණු ජනතාව යළි රැවටෙන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේ ආකල්පමය වෙනසක් කළ හැකි අලුත් දේශපාලන ව්‍යාපාරයක් මිස, පෙර පැවති දේශපාලකයන්ම නොවේ. රට ගැන නොසිතා තම දේශපාලන අනාගතය ගැන සිතූ සජිත් සහ හර්ෂ පරාජය කිරීම රටට ආදරය කරන ජනතාවගේ වගකීම බවට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles