back to top
Thursday, October 23, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සජිත්ට අලුත් ලණුවක්: මාලිමාවේ ඡන්ද නාමල්ට හැරුනා ම සජිත් නිකන් ම ජනාධිපති ලු!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එතුමන්ගේ ඊනියා උපදේශකයන් සහ මාධ්‍ය ඔස්තාර්ලා විසින් අලුත් දිනන සූත්‍රයක් පවසා ඇති බව වාර්තා වේ. මෙම උපදේශකයින් පවසන අලුත් මතය වන්නේ, නාමල් රාජපක්ෂට මාලිමාවේ ඡන්ද කැඩී ගියහොත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුරය ලබාගත හැකි බවයි.

දකුණු කඳවුර විනාශ කළේ සජිත් සහ උපදේශකයන්

ලංකාවේ ද්වි-පක්ෂ ක්‍රමය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළ බවට චෝදනා කරන මෙම ඊනියා උපදේශකයන්ට අමතකව ඇත්තේ තම දකුණු කඳවුරේ රනිල්ට එරෙහිව පොහොට්ටුවේ ඩලස් ජනාධිපති කිරීමට ගොස් දකුණු කඳවුරමත්, සජබයත් විනාශයට ගෙන ගොස් හත්පොලේ ගාගත්තේ සජිත් බවය.

හත්පොලේ ගාගත් බවට නම යන්නේ සජිත්ගේ වුවද ඊට උපදෙස් දුන්නේ මේ ඊනියා උපදේශකයන් සහ මාධ්‍ය ඔස්තාර්ලා බව නොරහසක් නොවේ.

රට ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන මොහොතක, සජිත් ප්‍රේමදාස මහතා පස්සා දොරින් පැන ගිය අතර, SJB ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා මහතා, රටේ ආර්ථිකය යළි ගොඩගත නොහැකි බවට ප්‍රකාශ කරමින් අතිශය වගකීම් විරහිත ස්ථාවරයක් ගත්තේය. ඒ මොහොතේ, පොහොට්ටුවේ දක්ෂ තරුණ කණ්ඩායමක් (ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර වැනි) කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කරමින් රනිල් මහතා රට ස්ථාවර කිරීමට ක්‍රියා කළේය. එබැවින්, රට වෙනුවට තම දේශපාලන අනාගතය ගැන සිතූ සජිත් සහ හර්ෂගේ “කිඹුල් කඳුළු” විහිළුවක් බවට පත්ව ඇත.

මාලිමාවෙන් ඉවත් වන ඡන්දය: සාම්ප්‍රදායික පක්ෂවලට අභියෝගය

ඔවුන්ට අනුව මාලිමාව ප්‍රමුඛ ජවිපෙ දුර්වල කරන්න නම් වමට බර විකල්පයක් අවශ්‍යය. ඒ විකල්පය හදන්න පුළුවන් පොදුජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ විමල් වීරවංශලාටය. ඔවුන් වමට බර විකල්පයක් හදා ජවිපෙ ගත් ඡන්ද කඩන්න කඩන්න වාසිය සමගි ජන බලවේගයට යන බව මේ ඔස්තර්ලාර්ගේ ගණන් හැදීමයි.

නමුත් සජබයේ ම ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා කියන්නේ මාලිමාවෙන් ගැලවෙන මෙම ඡන්ද ධාරාව දිනා ගැනීමට නම්, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් තමන් අලුත් වී ඇති බව ප්‍රායෝගිකව ඔප්පු කළ යුතු බවයි.

එසේ නොමැතිව, ආණ්ඩුවෙන් හෝ මාලිමාවෙන් කලකිරුණු නිසා පමණක් තමන් වෙත ජනතාව පෙළගැසෙනු ඇතැයි සම්ප්‍රදායික පක්ෂ සිතන්නේ නම්, එය වැරදි වැටහීමක් බවත්, මන්ද ‘ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසුන්, කණාමැදිරි එළියෙන් බැට කෑ අතරම ඔවුන් තෙවැනි වරටත් රැවටීමට සූදානම් නැති බවත්ය.

පසුගිය දිනවල සජබයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ගුරුහරුකම් දෙන්නට ගිය දේශපාලන විශ්ලේෂක, දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න මහතා ද අවධාරණය කරන්නේ, මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කලකිරුණු මිනිසුන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් අපේක්ෂා කරන බවයි. මෙම පිරිස, දේශපාලන ක්‍රමවේදයන් සහ පෙනුමෙන් පමණක් නොව, ආකල්පවලින්ද වෙනස් වන බවට ඔවුන්ට හැඟවිය හැකි පක්ෂයකට ඡන්දය දීමට සූදානම් බවත් ය.

නමුත්, සජිත් ප්‍රේමදාස ලඟ තබාගෙන කිරි පොවන ඊනියා උපදේශකයන්ට සහ මාධ්‍ය ඔස්තාර්ලාට අනුව නම් එය නිකන් ම සජිත්ගේ කටට වැටෙන ජයග්‍රහණයකි. අපට නම් කිව හැක්කේ රට ගැන නොහිතා තමන්ගේ දේශපාලනය ගැන සිතු සජිත් සහ හර්ෂ එක මිටට තබා පරාජය කිරීම රටට ආදරේ මිනිස්සුන්ගේ වගකීම බවය. ඒ නිසා මාලිමාව වැටෙන විට ජනාධිපති වන්නේ සජිත්-හර්ෂ නොව රටට ආදරේ මහත්මයෙක්ට බව නම් අපට විශ්වාසය, මන්ද මාලිමාවෙන් ගිලිහෙන මිනිසුන්ට අලුත් විකල්පයක් අවශ්‍ය බැවිණි.

සටහන : තිනෙත් විදුෂ රාවණසිංහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles