back to top
Thursday, October 23, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

පොලිස් ඇමති කඩිමුඩියේ ලසන්ත ඝාතනය පාතාලයට පටවයි!

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා, සිය ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවට පසුගිය අගෝස්තු මස 29 වන දින පොලිස්පතිවරයා වෙත නිල ලිපියක් යොමු කර තිබූ බව වාර්තා වේ. පාතාල කණ්ඩායම් මගින් තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින්, එම තර්ජන සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඔහු ලිපියෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව අමතා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ, මියගිය සභාපතිවරයා මහජන නියෝජිතයෙකු වුවද, ඔහු පාතාල අපරාධකරුවෙකු බවයි. අමාත්‍යවරයාට අනුව, මියගිය ‘වැලිගම ලසා’ට අධිකරණයේ නඩු හයක් පවතින බවත්, ඔහුට සිර දඬුවම් නියම වී ඇප මත සිටි බවත් අනාවරණය විය. විශේෂයෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට නඩුවක් තිබූ බවත්, මෑතකදී ඉන්දුනීසියාවේ සිට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශ හරහා ඔහු සතුව අවි ආයුධ තිබූ බව අනාවරණය වී ඇති බවත් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම ඝාතනය සිදුවූයේ පාතාල කල්ලි අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මිස, මහජන ආරක්ෂාවට සෘජු තර්ජනයක් ලෙස නොවන බවයි. රජය මිනිස් ජීවිතවල වටිනාකම අගයන ආණ්ඩුවක් බැවින් විධිමත් විමර්ශනයක් සිදුකරන බව පැවසූ ඇමතිවරයා, කිසියම් දේශපාලන පක්ෂයක කටයුතු කළද, ඝාතනය වන අවස්ථාවේ ඔහු පාතාල ක්‍රියාකාරිකයෙකු ගණයට වැටෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles