Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සජබ මන්ත්‍රීවරු 4ක් පළාත් සභාවට ඉල්ලන්න අස්වෙන කතාව ගල් පැලෙන කෙබරයක්!

ලබන වසරේ මුල් මාස තුන ඇතුළත පළාත් සභා ඡන්දය පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වීමත් සමග, සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තම මන්ත්‍රී ධුර අත්හැරීමට සූදානම් වන බවට වාර්තාවක් පළ වී තිබේ.

මෙම මන්ත්‍රීවරුන් සිව්දෙනා මේ පිළිබඳව පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර ඇති බව සඳහන් වේ.

ප්‍රධාන අමාත්‍ය ධුර ඉලක්කය

අදාළ මන්ත්‍රීවරුන් සිව් දෙනා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ, ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී, සමගි ජන බලවේගය වෙනුවෙන් අදාළ පළාත්වල ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා තරග කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තම ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. එහෙත්, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී, ජනතාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් හිමිවන බැවින් මෙම තීරණයට එළඹුණු බව විපක්ෂ නායකවරයාට පැහැදිලි කර ඇත.

පුවත ‘අතේ රෝලක්’දැයි සැකයක්

කෙසේ වෙතත්, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම පුවත සමගි ජන බලවේගය විසින්ම පතුරුවා හැරී ‘අතේ රෝලක්’ බවයි. එනම්, පළාත් සභා මැතිවරණය ආසන්නයේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය සහ නායකත්වය පිළිබඳව මහජන අවධානය යොමු කරවීමට මෙම පුවත නිර්මාණය කර ඇති බවට සැකයක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles