එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) අතර පවතින සාකච්ඡා බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් යළිත් වරක් SJB තුළින්ම මතු වී ඇති බවට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විවේචන සහ චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනා එල්ල වන්නේ, ‘සජබ මාධ්‍ය ඔස්තාර්ලා’ ලෙස පෙනී සිටින කණ්ඩායමකට වන අතර, ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමටත්, කොළඹ මහ නගර සභාවේ පාලනය පවා මාලිමාවට (NPP) හිමි වීමටත් හේතු වූ බවට පක්ෂ අභ්‍යන්තරය විශ්වාස කරයි.
‘අසාර්ථකත්වයේ’ වගකීම
විවේචකයින් පෙන්වා දෙන්නේ, මෙම මාධ්‍ය කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අබමල් රේණුවක මෙහෙයක් හෝ ඉටු කර නොමැති බවත්, ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා කිසිදු උපාය මාර්ගික සැලැස්මක් නොමැති බවත්ය.
වෙනත් ජාතික පක්ෂවල ජයග්‍රහණ පිටුපස නිවැරදි උපාය මාර්ග පැවතියද, මෙම කණ්ඩායම තම නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා නොකරන බවට චෝදනා එල්ල වේ.
‘දිනන්න පුළුවන් සෙට් එක’ ගැන මතභේදය
සාකච්ඡා බිඳ වැටෙන මොහොතක, ‘සජිත්ට දිනන්න පුළුවන් සෙට් එක’ යනුවෙන් සකස් කරන ලද ලැයිස්තුවක් අදාළ මාධ්‍ය කණ්ඩායම විසින් ප්‍රචාරය කිරීම විවේචනයට ලක්ව ඇත.
මෙම ලැයිස්තුවේ පළමු වැන්නා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීම පුදුමයට කාරණයක් වී ඇත්තේ, පසුගිය මැතිවරණයේදී හර්ෂ ද සිල්වා මහතා පරාජය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ සහ ඔහුට දිගින් දිගටම පහර දුන් පිරිස මෙම මාධ්‍ය කණ්ඩායම වන බැවිනි.
එම ‘උපාය මාර්ගික’ ලැයිස්තුව පහත පරිදිය:
සජිත්ට ජයග්‍රහණය ගෙන දිය හැකි යැයි යෝජිත කණ්ඩායම:
- ආචාර්ය හර්ෂ ද සිල්වා: නව පරම්පරාවේ ජනප්‍රිය චරිතයක් සහ පාවෙන ඡන්දදායකයන් ආකර්ෂණය කරගත හැකි නායකයෙක්.
- ප්‍රසාද් සිර්වර්ධන: පසුගිය මැතිවරණයෙන් මතුවූ, ජවිපෙ මන්ත්‍රීවරුන් මෙන් දක්ෂ කථිකයෙක් හා තරුණ පරම්පරාවට කතා කළ හැකි චරිතයක්.
- චිත්‍රල් ප්‍රනාන්දු (පුත්තලම): දක්ෂ ලෙස කරුණු ඉදිරිපත් කරන නව මුහුණක්, තරුණ ඡන්ද දිනාගත හැකි චරිතයක්.
- සුරංග රත්නායක (අනුරාධපුරය): පාර්ලිමේන්තුවේ කැපීපෙනෙන ලෙස හඬ නගන තරුණ මන්ත්‍රීවරයෙක්.
- වරුණ දීප්ත රාජපක්ෂ: ජවිපෙ ඉතිහාසය දන්නා, ඔවුන්ගේ තර්ක බිඳීමට හැකි, සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයක්.
- චරිත් අබේසිංහ: නළුවෙක්, ජවිපෙ ජගත් මනුවර්ණ මෙන් දේශපාලනය දන්නා නළුවෙක්, හොඳ තරුණ ආකර්ෂණයක් හිමි චරිතයක්.
- වෛද්‍ය චමල් සංජීව: වෘත්තිකයන් අතර ජනප්‍රිය චරිතයක්, බෙහෙත් මාෆියාවට එරෙහිව හඬ නැගූ අයෙක්.
මෙම ලැයිස්තුව පිළිබඳව සඳහන් කරමින් විවේචකයෝ පෙන්වා දෙන්නේ, ජයග්‍රහණයක් සඳහා උපාය මාර්ග සකස් කිරීමට පෙර, අතීත අසාර්ථකත්වයන් සඳහා වගකිව යුතු ‘සජබ මාධ්‍ය ඔස්තාර්ලා’ ලෙස පෙනී සිටින කණ්ඩායම ගෙදර යැවිය යුතු බවයි.
[විශේෂ ලියුම් කරුවෙක් විසිනි]