සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකයා ලෙස කටයුතු කරන වරුණ දීප්ත රාජපක්ෂ මහතා ‘දිනන දකුණ’ නම් සංවිධානයක් විසින් ගාල්ලේ පවත්වන වැඩසටහනකට සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.
මෙම සංවිධානය එක්සත් ජාතික පක්ෂයට හිතවත් සංවිධානයක් බවත්, රනිල් වික්‍රමසිංහගේ බලල් අතක් බවත් පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුල චෝදනා එල්ල වී තිබු අතර වරුණ රාජපක්ෂ විසින් ද අවස්ථා කිහිපයක ප්‍රබල විවේචන කිහිපයක් එල්ල කර තිබිණ.

කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ වරුණ රාජපක්ෂගේ දිනන දකුණ සමඟ දීගය වරුණ සමගි ජන බලවේගය හැරයාමේ සලකුණක් ද යන්න සැක සහිත බවයි.
වරුණ රාජපක්ෂ පසුගිය මහා මැතිවරණයට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ කළ අතරම සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප හිතවතෙක් බව ද පැවසේ.
කෙසේ නමුත් වරුණ රාජපක්ෂ මහතා ඉකුත් ජනපතිවරණයේ අවසන් සමය වන තෙක් ම හිටපු ජනපති රනිල් වික්‍රමසිහ මහතාගේ මාධ්‍ය අංශයේ කටයුතු කළ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළේය.
පළමු පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භක ප්‍රබල සාමාජිකයෙක් ලෙසද කටයුතු කල වරුණ රාජපක්ෂ ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ද විය.
තරුණ වියේ ම දේශපාලනයට පිවිසි වරුණ ප්‍රබල සන්නිවේදකයෙක් ලෙසත් , දේශපාලන සහ ගෝලීය විශ්ලේෂකයෙක් ලෙසත් ප්‍රකටය.
දකුණු ඉවුර ශක්තිමත් කිරීමට නම් බෙදී වෙන්වී සිටින සියලු බලවේග, එක කඳවුරකට එක් විය යුතු බවට මිට පෙර වරුණ රාජපක්ෂ කර තිබු ප්‍රකාශයක් ද දේශපාලන සමාජයේ ප්‍රබල අවධානයට පාත්‍ර විය.