back to top
Friday, January 9, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සජබ-එජාප තරුණ එකමුතුවක්: මාලිමාවට එරෙහිව ප්‍රසාද් සහ පසිඳු අතර එකඟතාවයක්!

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළමින් සහ දරු පරපුරේ අනාගතය අඳුරේ ගිල්වමින් මාලිමා රජය ගෙන යන අත්තනෝමතික පාලනයට එරෙහිව, මෙරට ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දෙකෙහි තරුණ නායකත්වය ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමට සූදානම් වෙයි. පසුගියදා සමගි ජන බලවේගයේ තරුණ අංශයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පසිඳු ගුණරත්න මහතා අතර පැවැති තීරණාත්මක සාකච්ඡාව මෙරට දේශපාලන කරළියේ නව බලාපොරොත්තුවක් දල්වා තිබේ. මෙම හමුව තුළින් පෙනී යන්නේ, වෙන්ව සිටි සහෝදර බලවේගයන් දැන් පොදු සතුරාට එරෙහිව එක්වී ඇති බවයි.

බලයට පෙර කී “ලස්සන ජීවිතය” අද ජනතාවට හීනයක් වෙලා!

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යනුවෙන් සිහින පෙන්වමින් බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ රජය, අද වන විට රට පත් කර ඇත්තේ දැඩි අරාජිකත්වයකටය. 33% කින් විදුලි බිල අඩු කරනවා යැයි කී මාලිමාව, අද වන විට විදුලි බිල 11.57% කින් වැඩි කිරීමට මාන බලමින් ජනතාවගේ ලේ උරා බොන තත්ත්වයට පත්ව ඇත. දිට්වා සුළි කුණාටුවෙන් බැටකෑ ජනතාවට සහන සැලසීම වෙනුවට, ඔවුන්ගේ කරපිට රුපියල් බිලියන ගණනක බර පැටවීමට උත්සාහ කරන මෙම අසාර්ථක රජය හමුවේ, තරුණ පරපුරට ඇති එකම විකල්පය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන අත්දැකීම් සහිත බලවේගයන්ගේ ඒකාබද්ධ වීම පමණි.

දරු පරපුර විනාශ කරන “සංස්කෘතික විප්ලවයට” තරුණ නායකත්වයෙන් දැඩි ප්‍රහාරයක්!

6 ශ්‍රේණියේ දරුවන්ට අසභ්‍ය අඩවි සබැඳි සහිත පෙළපොත් බෙදා දෙමින් රටේ සදාචාරය විනාශ කිරීමට මාලිමාව ගත් උත්සාහය, මෙම තරුණ නායකයින්ගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ. ප්‍රසාද් සිරිවර්ධන සහ පසිඳු ගුණරත්න යන නායකයින් අතර ඇති වූ මෙම එකඟතාවය හුදු දේශපාලන හමුවක් නොව, මාලිමා පාලනය විසින් දියත් කර ඇති “අසදාචාරාත්මක සහ අදක්ෂ” පාලන තන්ත්‍රයට එරෙහිව එල්ල කෙරෙන මාරාන්තික ප්‍රහාරයකි. විපක්ෂයේ මෙම තරුණ එකමුතුව හමුවේ මාලිමා රජය අද වන විට දැඩි ලෙස බියට පත්ව ඇත්තේ, තමන් සතු එකම අවිය වූ “තරුණ ආකර්ෂණය” දැන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතින බැවිනි.

“රට බංකොලොත් භාවයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඒකාබද්ධ කිරීම හරහා, මාලිමාවේ අඳුරු පාලනයෙන් රට ගලවා ගත හැකි බව මෙම තරුණ නායකයින් අවධාරණය කරයි.”

කතරගම දෙවියන්ගේ රන් විකිණීමට මාන බලන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ රහසිගත සබඳතා පවත්වන සහ ජනතාවගේ බදු මුදලින් සෙල්ලම් කරන මාලිමා රජය ගෙදර යැවීමේ සටන දැන් ආරම්භ වී තිබේ. ඉදිරි දිනවලදී මෙම තරුණ එකමුතුව රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති අතර, එය මාලිමා පාලනයේ අවසානයේ ආරම්භය වනු නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles