back to top
Thursday, December 25, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සාම්ප්‍රදායික දේශපාලන රටාවට තිත: මහරගම සජබ නව සංවිධායක හේමප්‍රිය වෙනස් ගමනක!

සමගි ජන බලවේගයේ මහරගම සම සංවිධායක, ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් මහරගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් සහ කොට්ඨාස සංවිධායකවරුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ හමුවකදී, මෙරට දේශපාලන සංස්කෘතිය තුළ දැකිය හැකි පැරණි සම්ප්‍රදායන්ගෙන් බැහැර වූ නව්‍ය දේශපාලන සැලසුමක් එළිදක්වා තිබේ. “ප්‍රභූ දේශපාලනය” වෙනුවට “සමානාත්මතාවය” පදනම් කරගත් මෙම නව වැඩපිළිවෙළ යටතේ, සියලුම ක්‍රියාකාරීන්ට එක හා සමාන පිළිගැනීමක් ලබා දෙමින් මහරගම ජනතාවගේ ගැටලු සඳහා දත්ත මත පදනම් වූ (Data-driven) විද්‍යාත්මක විසඳුම් ලබා දීමට මෙහිදී තීරණය විය.

මැතිවරණ කාලයේදී පමණක් ක්‍රියාත්මක වන දේශපාලන රටාව වෙනුවට, මැතිවරණ නොමැති කාලසීමාවන්හිදී ද අඛණ්ඩව ජනතාව සමඟ සිටින යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණකි. එහිදී මහරගම ආසනය තුළ දැනට පවතින ගැටලු පිළිබඳ තොරතුරු රැස්කර ඒවාට විසඳුම් ලබා දීම සඳහා නව තාක්ෂණික ප්‍රවේශයන් භාවිත කරන බවද අනාවරණය විය. මීට අමතරව, පක්ෂයේ කොට්ඨාස මට්ටමේ සංවිධායකවරුන් වෙනුවෙන් නව පත්වීම් ලබා දීමේදී තරුණ නියෝජනයට 100%ක ප්‍රමුඛතාවයක් ලබා දීමටත්, ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් විය යුතු බවටත් හේමප්‍රිය කවිරත්න මහතා විසින් දැඩි කොන්දේසියක් පනවා ඇත.

මෙම වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී අංගයක් වන්නේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් වෙනමම “සුභසාධක සමිතියක්” පිහිටුවීමට ගත් තීරණයයි. දේශපාලන වේදිකාවල දක්නට ලැබෙන සාම්ප්‍රදායික මල් මාලා හෝ පින්තූර ප්‍රදර්ශනය කිරීම්වලින් තොරව, ඉතා සරල සහ ඵලදායී ලෙස පැවැත්වූ මෙම රැස්වීම තුළින් සජබයේ මීළඟ දේශපාලන පරිවර්තනය මහරගමෙන් ආරම්භ වන බවට ඉඟි පළවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles