back to top
Monday, November 24, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න සජබ මහරගම සම සංවිධායක ධුරයට!

සමගි ජන බලවේගය (SJB) සිය ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ ප්‍රධාන තනතුරු සඳහා නව මුහුණු සහ තරුණ නායකයන් පත් කිරීම වේගවත් කර තිබේ. ඒ අනුව, දිවයිනේ ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යා දේශකවරයෙකු මෙන්ම ග්‍රන්ථ රචකයෙකු වන හේමප්‍රිය කවිරත්න මහතා සමගි ජන බලවේගයේ මහරගම සම සංවිධායක ධුරයට පත් කර ඇත.

​කවිරත්න මහතා විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින්නෙකි. දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධයෙන් ඔහු කර ඇති සේවය හේතුවෙන්, බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාව සහ තරුණ ප්‍රජාව අතර ඔහුගේ මෙම පත්වීම විශාල උද්‍යෝගයක් ඇති කර තිබේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරු රැසක් මෙන්ම එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම්වරයා ලෙසද කවිරත්න මහතා කටයුතු කර ඇත.

​විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය වෙත පසුගිය සමයේ නව මුහුණු ගණනාවක් එක්වූ අතර, මෙලෙස නව තරුණ පිරිස් වෙත වැඩි වගකීම් ලබා දීමට පක්ෂ නායකත්වය කටයුතු කිරීම කැපී පෙනේ.

​මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු සහ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන ජනිත ද. සිල්වා මහතා ද සමගි ජන බලවේගයේ බේරුවල සම සංවිධායක ලෙස පත් කර තිබේ.

​තව දුරටත් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්, තරුණ පිරිස් වෙත ඉදිරිපෙළ තනතුරු සහ වැඩි වගකීම් ලබා දීම හරහා සමගි ජන බලවේගය බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාවගේ සහ තරුණ ප්‍රජාවේ විශ්වාසය තව තවත් දිනා ගැනීමට අපේක්ෂා කරයි.

රටට ඇති ‘තුන්වන මාවත’

මෙම පත්වීම් සිදු කෙරුණේ, බත්තරමුල්ල මොනාර්ක් උත්සව ශාලාවේ පැවති සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායක හමුව අතරතුරදීය. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව පක්ෂයේ පැහැදිලි දැක්ම ඉදිරිපත් කළේය.

ඔහු අවධාරණය කළේ, රටක් ලෙස පුරවැසියන්ගේ ධනය, සම්පත් සහ මුදල් අවශ්‍යතා සපුරාලීමට ධනවාදී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඇති බවයි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික ධනවාදයේ ඇති “ඇති හැකි අය තවත් ඇති හැකි වී, නැති බැරි අය තවත් පහළටම වැටිය හැකි” පරස්පරතා නිවැරදි කිරීමේ අරමුණින්, SJB විසින් අනුගමනය කරනු ලබන්නේ ‘මිනිසත්කමට මුල් තැන දෙන මානුෂීය ධනවාදය’ බවයි.

“ඉල්ලුම සැපයුමට පමණක් තනිවම තීන්දු තීරණ ගන්නා ධනවාදයට අපිට එකඟ විය නොහැකියි. ධනවාදය තුළින් නිර්මාණය වන අසමතුලිතා විසඳන්නට සීමා සහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි.”විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් යටතේ, සුබසාධන රාජ්‍යයක සංකල්පය තුළ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා නොමිලේ සැපයිය යුතු බවයි.

IMF සහ ණය සහන: යථාර්ථය සහ වගකීම

එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ IMF වැඩපිළිවෙළ පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles