back to top
Friday, October 31, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ජගත්ට සමාවත්, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවත් දෙකම පොලිස්පතිට දෙන්න වෙලා!

මෑතකදී රට තුළ ඇති වූ ඝාතන සිදුවීම් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති බරපතළ තත්ත්වය හමුවේ, ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට බලධාරීන් එකඟතාව පළ කර තිබේ. මෙම වැදගත් තීරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා අද (31) මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙම හදිසි සාකච්ඡාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද සහභාගී විය. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම මන්ත්‍රීවරයෙකුට එය ලබා දීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා යන දෙදෙනාම ඒකමතිකව එකඟතාව පළ කළහ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේ, පසුගියදා තමන් ගැන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම රැස්වීමේදී කණගාටුව ප්‍රකාශ කළ බවයි. මෙම තීරණය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සුවිශේෂී සහ ධනාත්මක පියවරක් ලෙස දේශපාලන ආරංචි මාර්ග විස්තර කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles