Saturday, October 18, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මාලිමා ආණ්ඩුව අධිකරණයට ගහලා, රුපියල් මිලියන ගණනක අක්‍රමිකතාවකුත් කරලා!

කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසුව පවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමන්ට හිමි ඉන්ධන දීමනාව තවත් මාස ගණනාවක් තිස්සේ ලබාගෙන ඇති බවට සමගි ජන බලවේගය (සජබ) චෝදනා කරයි. සජබ නියෝජ්‍ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර මහතා මේ පිළිබඳව චෝදනා කළේ ඊයේ (ඔක්තෝබර් 17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු තොරතුරු දැනගැනීමේ ඒකකය විසින් හෙළි කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වන තොරතුරු උපුටා දක්වමින් නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, මෙම ද්විත්ව දීමනාව ලබාගැනීම හරහා විශාල රාජ්‍ය මුදල් ප්‍රමාණයක් අයථා ලෙස භාවිත කර ඇති බවයි.

දීමනා ලබාගත් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය අමතර ඉන්ධන දීමනාව 2025 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා විවිධ කාල සීමාවන් තුළ ලබාගෙන ඇත.

  • 2025 මාර්තු දක්වා: බිමල් රත්නායක, කේ. ඩී. ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, ඒ. එච්. එම්. එච්. අබේරත්න, ක්‍රිශාන්ත අබේසිංහ, අනුර කරුණාතිලක, කුමාර ජයකොඩි, චතුරංග අබේසිංහ, මහින්ද ජයසිංහ, හංසක විජයමුණි, එරංග වීරත්න, ටී. බී. සරත් සහ අරුන් හේමචන්ද්‍ර යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්.
  • 2025 අප්‍රේල් දක්වා: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නලින්ද ජයතිස්ස, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් කුමාර ගාමිණී, උපාලි පන්නිලගේ, සරෝජා පෝල් රාජා, ආනන්ද විජේපාල, ජනිත රුවන් කොඩිතුවක්කු, එරංග ගුණසේකර, ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, ආර්. එම්. ජයවර්ධන, සුනිල් වටගල, නාමල් සුදර්ශන සහ රුවන් සෙනරත් යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්.
  • 2025 ජූනි දක්වා: අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් මහත්වරුන් මෙම දීමනාව ලබාගෙන ඇත. (නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා 2025 මැයි මාසයේ සිට දීමනාව නතර කර ඇත.)
  • 2025 ජූලි දක්වා: රත්න ගාමගේ, අරුණ ජයසේකර, ගමගේදර දිසානායක, මුනිල් මුලෆර්, මධුර සෙනෙවිරත්න සහ නලින් හේවගේ යන මහත්වරුන් දීමනාව ලබාගෙන ඇත.
  • 2025 අගෝස්තු දක්වා: අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ සහ සුසිල් රණසිංහ යන මහත්වරුන්.
  • 2025 සැප්තැම්බර් දක්වා: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, නාමල් කරුණාරත්න සහ උපාලි සමරසිංහ යන මහත්වරුන්.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා

මෙම දීමනා චෝදනාවට අමතරව, නීතීඥ නානායක්කාර මහතා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියට එරෙහිවද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා කළේය.

“මේ අය බලයට ආවෙ ස්වාධීන අධිකරණ පද්ධතියක්… නිර්මාණය කරනවා කියලා. ඒ වුණාට මේ අය කරන්න හදන්නෙ, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ඒ වීඩියෝවෙ දැක්වෙන විදිහට, අධිකරණ තීන්දු පවා ක්‍රියාත්මක නොකර ඉන්න රජයේ නිලධාරීන් බලපෑම් කරන එක” යැයි නානායක්කාර මහතා පැවසීය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වාචිකව නිවැරදිකිරීමක් සිදුකළද, ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ප්‍රසිද්ධ වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශය තුළින් අධිකරණයට සිදුවූ අපහාසය අහෝසි නොවන බවද නීතීඥ නානායක්කාර මහතා අවධාරණය කළේය.

ඔහු රජයේ නිලධාරීන්ට අවවාද කරමින් කියා සිටියේ “ආණ්ඩුවේ අනීතික නියෝග පිළිපදින්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා” යනුවෙනි. එසේම, සියලුම අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ සියලු දීමනා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ගෙවනු ලබන බවද මෙහිදී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles