Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සජබ තුරුප්පු අදියි: තරුණ-ප්‍රබල මහ ඇමති ලැයිස්තුව මෙන්න!

ලබන වසරේ දී (2026) පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීම සඳහා සමගි ජන බලවේගය මේ වන විට ලහි ලහියේ සුදානම් වන බව Infosrilanka.lk වෙත වාර්තා වේ.

ඒ අනුව ඇතැම් පළාත් සභා සඳහා මහා ඇමතිවරුන් නම් කරමින් ද ඇතැම් පළාත් සභා සඳහා මහ ඇමතිවරුන් නම් නොකරමින් ප්‍රබල දිස්ත්‍රික් නායකයන් යටතේ කණ්ඩායම් ඉදිරිපත් කරමින් තරග කිරීමට ද තීරණය කර තිබේ.

එහිදී පළාත් සභා තුනක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වී තිබේ.

ඒ මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද යන පළාත් සභා වලටයි. මධ්‍යම පළාත වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා මහ ඇමති අපේක්ෂකයා ලෙසත්, සබරගමුව පළාත වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහ ඇමති අපේක්ෂකයා ලෙසත්, උතුරු මැද පළාත වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුරංග රත්නායක මහතා මහ ඇමති අපේක්ෂකයා ලෙසත් ඉදිරිපත් වීම සඳහායි.

එසේම එක්සත් ජාතික පක්ෂ උප නායක නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා වයඹ පළාත් සභාවේ සමගි ජන බලවේගයේ මහා ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂ අභ්‍යන්තරේ සාකච්ඡාවක් පවතින අතරම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ.

බස්නාහිර සහ දකුණ සඳහා මහ ඇමතිවරුන් නම් නොකරමින් දිස්ත්‍රික් නායකයන් නම් කිරීමට සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා මේ වන විට පක්ෂය ප්‍රබල ලෙස මාධ්‍ය මගින් නියෝජනය කරන තරුණ කණ්ඩායමක්  දිස්ත්‍රික් නායකයන් ලෙස නම් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියත්, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වරුණ රාජපක්ෂ මහතාත්, කළුතර දිස්ත්‍රික්කය සඳහා චරිත අබේසිංහ මහතාත් යෝජනා වී තිබේ.

දකුණු පළාත් සභාව වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා බුද්ධික පතිරණ මහතාත්, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නීතිඥ තාරක නානායක්කාර මහතාත්, හම්බන්තොට සඳහා වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාත් යෝජනා වී ඇත.

ඌව පළාත් සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට හෝ  ප්‍රබල දිස්ත්‍රික් නායකයන් යටතේ කණ්ඩායම් ඉදිරිපත් කිරීමට මත පල වී ඇති අතර තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

කෙසේ නමුත් සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් අදහස වී ඇත්තේ නම් සහිත පුදගලයන් ආනයනය කරමින් සිදු කරන දේශපාලනය අවසන් බව, කොළඹ මහා නගර සභාවේ පරාජයෙන් තම පක්ෂය අවබෝධ කරගත යුතු බවත් නවක තරුණ කණ්ඩායමකට නායකත්වය දෙමින් පළාත් සභා සටන මෙහෙයවිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles