සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ‘මදි’ බවට සහ ඔහු ‘නිදාගෙන’ සිටින බවට එල්ල වන විවේචන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුර්වගාමී පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) හිටපු සාමාජිකයෙකු වූ ප්‍රියංජිත් විතාරණ (රටේ රාල බ්ලොග්කරු) වෙත සමඟි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ මහතා දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබේ.
ගර්භාශ යුද්ධය” (Womb War) වැනි ජාතිවාදී මතවාද පැතිරවීමට සම්බන්ධ වූ උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් සමඟ එකතු වීමට ප්‍රියංජිත් විතාරණ සිදු කරන යෝජනාව ප්‍රශ්න කරමින් වීඩියෝ පටයක් නිකුත් කර ඇති රාජපක්ෂ මහතා එවැනි ස්ථාවරයන් දැරූ පුද්ගලයන් තම අතීත වැරදි ගැන සමාව නොගත් තත්ත්වයක් තුළ ඔවුන් හා එකතු විය නොහැකි බව ඔහු අවධාරණය කර තිබේ.
මෙවැනි ඉදිරිගාමී ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව InfoSriLanka.lk කතෘ මණ්ඩලය වරුණ රාජපක්ෂ මහතාට ගෞරවය පලකරන අතර ම ප්‍රියංජිත් විතාරණ මහතා වෙත පිළිකුලත් පල කරනෙමු.
මේ අතර අදාල වීඩියෝවේ රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන පිරිස්, වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඔවුන්ගේ පක්ෂවලට එකතු වන ලෙස ඉල්ලා සිටියද, ඔවුන් එම ගැටලු නිර්මාණය කළ පාර්ශ්වයන් බවය.
- නිර්මාණය කළ ගැටලු: වත්මන් ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා වන මද්‍රව්‍ය වැඩිවීම, පාතාලය හිස එසවීම, පොලිස් රාජ්‍යයක් බවට පත්වීම සහ ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු උත්සන්න වූයේ රාජපක්ෂලාගේ පාලන කාලය තුළ බව ඔහු සිහිපත් කළේය.
- ප්‍රතික්ෂේප කළ යුත්තු එකමුතුකම්: එම ගැටලු නිර්මාණය කළ හෝ ඒ සඳහා දායක වූවන් සමඟ එකතු වීමට, විශේෂයෙන්ම ජාතිවාදී ස්ථාවරයන් දැරූ පුද්ගලයන් සමඟ එකතු වීමට සජබයට නොහැකි බව වරුණ රාජපක්ෂ මහතා පැවසීය.
- උදාහරණ: ඒ සඳහා ඔහු, “ගර්භාශ යුද්ධය” (Womb War) වැනි ජාතිවාදී මතවාද පැතිරවීමට සම්බන්ධ වූ බව කියන උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් සමඟ එකතු වීම ප්‍රශ්න කළේය. එවැනි ස්ථාවරයන් දැරූ පුද්ගලයන් තම අතීත වැරදි ගැන සමාව නොගත් තත්ත්වයක් තුළ ඔවුන් හා එකතු විය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
“අවදි විය යුතු අපි නිදාගෙන නම් ඉන්නේ ඒ විවේචනත් භාරගන්නවා. හැබැයි අපි ‘නිදිවැදීම’ තෝරාගන්න ලෑස්ති නැහැ.”
මෙම දේශපාලන ප්‍රකාශය හරහා වරුණ රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය ඉක්මනින් අවදි වී කටයුතු කළ යුතු වුවත්, සියලු දේට පෙර, ප්‍රතිපත්තිමය සමානකම් හේතුවෙන් සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) එකතු වීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.