පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (20) හැකි විය.
එහි විශේෂත්වය වුයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සභාවේ රැදී සිටිය දී මෙසේ විපක්ෂය ජයග්‍රහණය කිරීමයි.
ඒ අනුව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ෆයිසර් නසීර් මහතා බේරුවල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.
මේ අතර ගාල්ල රජ්ගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (20) හැකි වූ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ දුලාජ් තරංග මහතා ගාල්ල රජ්ගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.
එසේම මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (20) හැකි වූ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ බන්දුල පද්මසිරි මහතා මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.
මේ අතර ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගය සමඟ එක්ව නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දැනුම්දී ඇත.
එමෙන්ම ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබේ.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇත.
එවන් පසුබිමක පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර ඇති බවත්, ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරී පත්ව ඇති බවත් අදාළ නිවේදනයෙන් දැනුම්දී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන අතර, පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බව දැනුම්දී තිබේ.