Tuesday, July 1, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

නෙළුව, කින්නියා රත්නපුර සජබයට: සාරංගිකාගේ කොළඹ සෙල්ලම සීතාවකදී ගැස්සෙයි!

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද (17) හිමිවිය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් චන්දන මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

එසේම ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාහ්දි මහතා කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගත් අතර රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය ද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව තිබේ.

ඒ අනුව රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හික්කඩුව ලියනගේ නිමල් මුණසිංහ මහතා රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් විය.

කෙසේ නමුත් සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම අද (17) සිදු නොවූ අතර, එය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය.

අද දින බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය.

එහිදී, ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වනවාද නැතහොත් විවෘත ඡන්දයක් ලෙස පවත්වනවාද යන්න පිළිබඳව යෝජනා දෙකක් ඉදිරිපත් විය.

මෙම තීරණය ගැනීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින්, ඇය ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය කළාය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටව ගියහ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ඝන පූර්ණය නොමැති වූ බැවින්, කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය.

කෙසේ වෙතත්, පසුව ඇති වූ තත්ත්වය මත, සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය.

එම නිසා, අද දින සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු නොවීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles