Tuesday, July 1, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

විපක්ෂය පළාත් පාලනයේ බලය ඇල්ලීම අති සාර්ථකව ඉදිරියට!

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සභාවන් කිහිපයක ම බලය පිහිටු වීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට හැකිව තිබේ.

ඒ අනුව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

එසේම උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ මහතා උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

මේ අතර කඩුගන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලක්ෂිත අබේරත්න මහතාත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉෆ්තිහාර් ඉමාමුඩීන් මහතාත් පත් වී තිබේ.

එසේම විප­ක්ෂ­යට බහු­තර සභික සංඛ්‍යා­වක් හිමි වූ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සඳහා ඒකා­බද්ධ විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කරන බව විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ­වල මහ­ලේ­ක­ම්වරු පව­සති.

පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් විසින් ඊයේ (12) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍ර­යේදී මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැත් විය. සමගි ජන­බ­ල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු මහ­ලේ­කම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්, පොදු ජන එක්සත් පෙර­මුණේ මහ­ලේ­කම් ලසන්ත අල­ගි­ය­වන්න, එක්සත් ජාතික පක්ෂ මහ­ලේ­කම් තලතා අතු­කෝ­රළ මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

මෙහිදී අද­හස් දැක්වූ සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා පැව­සුවේ පළාත් පාලන මැති­ව­ර­ණය වෙනු­වෙන් පොදු විප­ක්ෂ­යක් හැටි­යට ක්‍රියා කිරී­මට දේශ­පා­ලන පක්ෂ ගණ­නා­වක් එකතු වූ බවයි. ජන­තාව අපෙන් බලා­පො­රොත්තු වන අපේ­ක්ෂාව ඉටු කිරීම සඳහා ඉදිරි පළාත් පාලන කොට්ඨාස මට්ට­මෙන් අපි එකට එකතු වෙලා ජනතා අභි­ලාස වෙනු­වෙන් පෙළ­ගැ­සිය යුතුයි කියලා දේශ­පා­ලන පක්ෂ ගණ­නා­වක් තීර­ණය කළා.

ඒ අනුව අපි ආය­තන පිහිටු වීමට එකතු වෙලා තියෙ­නවා. මේ මොහොතේ මා සමග සමගි ජන බල­වේ­ගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ ලේක­ම්ව­රුන් සිටි­නවා. වතු­කරේ දේශ­පා­ලන පක්ෂ සහ මුස්ලිම් දේශ­පා­ලන සංවි­ධාන ස්වාධීන කණ්ඩා­යම් ගණ­නා­ව­කුත් මේ මොහොතේ සාකච්ඡා කර­මින් තිබෙ­නවා. ඒ සියලු දෙනාගේ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් හැටි­යට ඊයේ සිට ආරම්භ කළ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීමේ කට­යුතු ආරම්භ කළා. බලය පිහිටු වන්නේ ඒකා­බද්ධ විප­ක්ෂ­යක් හැටි­ය­ටයි. පොදු විප­ක්ෂ­යක් හැටි­යට යැයි ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles