රටේම බලය ඇල්ලීමට ගිය සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ. පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පක්ෂ සභාපති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් පසු ඉමිතියාස් බාකිර් මාකර් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත්, පසුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නැවත පත් කරන ලදී. එසේ වුවද, ඔහු එම ධුරය භාර නොගැනීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව, සමගි ජන බල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ආසන සම සංවිධායක අශෝක සේපාල මහතා සහ හොරොව්පොතාන ආසනයේ සංවිධායක අනුර බුද්ධික මහතා ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හිමි වූ ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදා දීම පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පළ කරමින් අශෝක සේපාල මහතා ඉල්ලා අස් වී ඇති අතර, අනුර බුද්ධික මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දී ඇත.
පසුගිය දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සංවිධායකයින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් ආරම්භ වී ඇති අතර, මාතලේ, ගාල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක කිහිපයකම ආසන සංවිධායකයින් ඉල්ලා අස් වී තිබේ.