Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ප්‍රබලයන් රැසක් සජිත් හැර යයි, දින දෙකට 4ක් ඉල්ලා අස්වේ!

සමගි ජන බලවේගය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් තිදෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය රජිත් අළුවිහාරේ මහතා පවසා තිබේ.

මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායක රජිත් අළුවිහාරේ යන අය මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම පියවර ගත් බව රජිත් අළුවිහාරේ මහතා පවසයි. තවත් බොහෝ දෙනෙකු තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

ඊයේ (23) සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ බව මන්ත්‍රීවරයා විසින් පක්ෂය වෙත දැනුම් දී ඇත.

මෙම ඉල්ලා අස්වීම් රැල්ලත් සමඟ සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන් මග අවිනිශ්චිත වී ඇති අතර, පක්ෂය තුළ දැඩි අර්බුදයක් පවතින බවට InfoSriLanka.LK අප විසින් සිදු කළ හෙළිදරව්ව සත්‍ය බව තවදුරටත් පැහැදිලි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles