Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

තවත් ප්‍රබලයන් දෙදෙනෙක් සජබයෙන් යයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සමගි ජන බලවේග ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු පවසන්නේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන ලද ලයිස්තු මන්ත්‍රීවරු නම් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයන් මත මෙම පියවර ගත් බවයි.

මේ අතර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ, පක්ෂයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් කළකිරීමෙන් පසුවන බවයි.

පළාත් පාලන මැතිවරණයේ ලයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීමේදී පෙර එකඟතාවන් කඩවී ඇතැයි ඇය චෝදනා කරයි. මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ සංවිධායකයන්ට පාක්ෂිකයන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles