Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

කැබිනට් සංශෝධනය වෙන බව බිමල් ප්‍රසිද්ධියේ ම කියයි: පරීක්‍ෂණයකුත් ඉල්ලලා!

InfoSriLanka.lk අප පසුගිය සතියේ වාර්තා කල පරිදිම ඉදිරි කාල සීමාව තුළ ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ වගකීම් මාරු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබේ.

තමන් ඇතුළු අමාත්‍යවරුන්ගේ වගකීම් වෙනස් කිරීමට ඉල්ලා සිටින බවත්, ඇතැම් විට නව පත්වීම් සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇති වූ සංවාදයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමෙන් පසු විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතුව එම ලිපිය ඉදිරිපත් කර තිබේ.

2025 මැයි 20 වන දින පාර්ලිමේන්තුවේදී මතු වූ තත්ත්වය පිළිබඳ පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇති එම ලිපියේ, ස්ථාවර නියෝග 92 (2) අ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතු වූ තත්ත්වය පිළිබඳව දයාසිරි ජයසේකර මහතා අවධානය යොමු කිරීම පිළිබඳව සඳහන් වේ. කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරිය කතානායකවරයාගේ අවසරය අභියෝගයට ලක් කරමින් ස්ථාවර නියෝග උල්ලංඝනය කර ඇති බවත්, සභානායක බිමල් රත්නායක මහතා විසින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා එල්ල කරමින් ස්ථාවර නියෝග 91 (ඌ) උල්ලංඝනය කර ඇති බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති අරමුදලේ මුදල් වංචා කළ අයෙකු ලෙසත්, දුප්පත් මිනිසුන්ගේ මුදල් සොරකම් කළ අයෙකු ලෙසත් දයාසිරි ජයසේකර මහතාට එල්ල කරන ලද චෝදනා ඔහුගේ කීර්ති නාමයට හානි කරන බවත්, සභානායකගේ හැසිරීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් විපක්ෂ මන්ත්‍රීවරුන් ලිපිය මගින් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles