විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කර තිබූ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී. චන්දන මහතාගේ නම ඊයේ (21) දිනයේ දෙවැනි වතාවටත් ව්‍යවස්ථා සභාවේදී ප්‍රතික්ෂේප වී ඇත.
අදාල යෝජනාව සඳහා සභාවේ සිදු කළ ඡන්ද විමසීමේදී ඒ නමට පක්ෂව ඡන්ද 3ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 5ක් හිමිවිය. පෙරේදා දිනයේදී ද ජනාධිපතිවරයාගේ නිර්දේශයට ව්‍යවස්ථා සභාවේදී එකඟතාව පළ නොවූ අතර එය අද යළි රැස්වූයේ ඒ සම්බන්ධයෙන් යළි සලකා බැලීමටයි.
පුරප්පාඩුව තිබෙන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කර ඇති ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී. චන්දන මහතා ජනාධිපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගෙනුම ලැබූ අයෙක් බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කල අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර පහක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු ඒ සඳහා පත් කිරීමට නුසුදුසු බවයි ඒ මහතා පැවසුවේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද පැවසුවේ විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විගණකාධිපති තනතුර සඳහා යොමු කරනු ලැබ තිබූ පෞද්ගලික අංශයේ විගණන ආයතනයක පුද්ගලයකුට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙරේදා දිනයේ එකඟතාවක් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම ඊයේ දක්වා කල් තැබිණ.
රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති ධුරයට පත් නොකර වෙනත් බාහිර පුද්ගලයකු පත්කිරීමට දැරෙන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් පළ කරමින් ඇත.
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 42ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතී. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ ආකාරයේම අර්බුදයකට මුහුණ දුන්නේය.