Monday, May 12, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

කුඩු, බඩු සහ අරක්කු බෙදලා, විපක්ෂයට ප්‍රබල චෝදනාවක්!

මෙවර පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය ඉතාමත් ප්‍රබල ප්‍රචාරක වැඩපිළිවෙළක් සිදු කළ බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් වඩා වැඩි බරක් මෙම මැතිවරණය සඳහා විපක්ෂය යොදා තිබූ බවද හෙතෙම කියා සිටියි.

‘බඩු දෙන්න ඕනි අයට බඩු දුන්නා. බොන්න දෙන්න ඕනේ අයට බොන්න දුන්නා. කුඩු ඕනේ අයට කුඩුත් දුන්නා. මං දන්නෑ අනිත් ආසනවල විශේෂයෙන් කෝට්ටේ ආසනයේ සක්‍රීයව මාස ගානක් ඒ වැඩේ සිද්ධ වුණා’ යැයි ඔහු කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ නමුත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ කෝට්ටේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වේ.

මේ අතර හර්ෂ ද සිල්වා මහතා වෙත මහා සහල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කිරීමට ගිය අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී අපහසුතාවයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles