Saturday, May 10, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මුස්ලිම් කොන්ග්‍රසය සජිත්ගෙන් වෙන්වී වෙනම ගමනක් යන්න සැරසෙයි!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂය වෙනම තරග කරන බවයි. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සමන්තුරේ පැවති ජන රැලියකදීය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මහනුවර ආසන 11ක් සඳහා සිය පක්ෂයෙන් වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවයි. එසේම ආසන තුනක් සඳහා සමගි ජන බලවේගය සමඟ එක්ව තරග කරන බවත්, එය සිදුවන්නේ එම පක්ෂයේ සංවිධායකයින්ගේ ඉල්ලීම මත සහ මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින්ගේ කැමැත්ත මත බවත් ඔහු පැවසීය.

හකීම් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමගි ජන බලවේගයට ඡන්දය නොදෙන ලෙසයි. ඔහු පවසන්නේ, එම පක්ෂයේ දුරකථන සංකේතය යල් පැන ගිය එකක් බවයි.

මුස්ලිම් කොංග්‍රසය සහ සමගි ජන බලවේගය අතර අනාගත සහයෝගීතාවය පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බලා තීරණ ගත යුතු බවද හකීම් මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles