සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමට තමන් සූදානම් බවයි.
නිවාස සඳහා වන්දි ලබා ගැනීමේදී සිදුකර ඇති ඇතැම් දේ මෙම හෙළිදරව්ව මඟින් තමන් හෙළි කරන බව ජයතිස්ස මහතා පැවසීය.
තව දින කිහිපයකින් තමන් මෙම හෙළිදරව්ව සිදු කරන බව ඒ මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
පළාත් පාලන මැතිවරණය සඳහා දින කිහිපයක් තබා මෙම හෙළිදරව්ව සිදු කරමින් මැතිවරණය සඳහා වාසියක් ලබා ගැනීම ආණ්ඩුවේ සැලැස්ම වී තිබේ.