මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව මැතිවරණ කොමිසම විසින් ලිපියක් යවා ඇති බවට මව්බිම පුවත්පත වාර්තා කළ පුවත රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් කළ පැමිණිලි මත ජනාධිපති ලේකම් වෙත මැතිවරණ කොමිසම ලිපියක් යොමු කළ බව මව්බිම පුවත්පතේ වාර්තාවේ සඳහන් විය. ආණ්ඩු බලය නොලැබෙන පළාත් පාලන ආයතනවලට ආණ්ඩුව ප්‍රතිපාදන නොදෙන බවට ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස එම පැමිණිලිවල සඳහන් වී තිබුණි.
කෙසේ වෙතත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මගින් මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් එවැනි ලිපියක් යවා නොමැති බව ප්‍රකාශ කර ඇත.
මව්බිම පුවත්පත තම වාර්තාවේ ස්ථාවරය ආරක්ෂා කර ගනිමින්, එම පුවත මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් මත පදනම් වූ බවත්, එය අසත්‍ය බව ඔප්පු කිරීම සඳහා අදාළ සංවාදයේ හඬපටය ඉදිරිපත් කළ හැකි බවත් වැඩි දුරටත් පවසා තිබේ.
කෙසේ නමුත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.