back to top
Monday, January 19, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ආණ්ඩුව බොරු කියන-සමාජ මතය වෙනස් කරන්න මෙහෙයුමක්!

ජාතික ජන බලවේග පක්ෂයේ ඉහළ පෙලේ කණ්ඩායමක් පසුගියදා පැවැත්වූ හමුවක දී ජනතාව අතර, ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු මැති ඇමතිවරුන් විශාල වශයෙන් බොරු කියන බවට පැතිර යන මතය, ඉදිරි මැතිවරණ වලදී ඔවුන්ට අවාසිදායක ලෙස බලපෑ හැකි බවට අදහසක් මතුව තිබේ.

මෙම තත්වය හැකි ඉක්මනින් නිවැරදි කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එම කණ්ඩායම දැනටම අවධානය යොමු කර ඇත. ආණ්ඩුව බොරු කියන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී, විපක්ෂ දේශපාලනඥයින් විසින් අතීතයේ සිදු කරන ලද අසත්‍ය ප්‍රකාශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම එක් ක්‍රියාමාර්ගයක් ලෙස යෝජනා වී ඇත.

මැතිවරණ අපේක්ෂකයින් හා මැති ඇමතිවරුන් මහජන රැස්වීම් හා මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවට දැඩි ලෙස අවවාද කිරීමට එම කණ්ඩායම තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles