නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකට සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවකට එරෙහිව අධිචෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම නඩු අතරින් ප්‍රධානතම නඩුව වනුයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පැවරීමට නියමිත නඩුවයි. එම නඩුව හියුමන් ඉමියුනෝග්ලොබියුලින් බෙහෙත් ආනයනයේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ය.
මීට අමතරව තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුට සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන දියත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට අදාළ පරීක්ෂණ ද ආරම්භ කර තිබේ. ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් සිදු කෙරේ.
නීතිපතිවරයා විසින් මෙම නඩු ඉක්මනින් පැවරීමට තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට උපදෙස් දී ඇත.