Tuesday, May 20, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

උතුරු මැද හිටපු මහ ඇමති රංජිත්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්!

උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්න යන දෙදෙනාට වසර 16 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. මෙම දඬුවම අද (02) දින කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් නියම කරන ලදී.

2012 සිට 2014 දක්වා කාලය තුළ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, නීති විරෝධී ලෙස රුපියල් 2,080,500 ක ඉන්ධන දීමනාවක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම නඩුව පවරා තිබිණි.

අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද මෙම නඩුව වෙනුවෙන් 2023 වසරේ අප්‍රේල් මස 03 වන දින අධි චෝදනා ගොනු කර තිබු අතර නඩු විභාග කිරීමෙන් අනතුරුව, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට තීරණය කිරීමෙන් පසුව මෙම දඬුවම නියම කරන ලදී.

එස්. එම්. රංජිත් මහතා සහ ඒ මහතාගේ සහෝදරයා වන හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles