Wednesday, June 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

කොළඹ මංගල රැස්වීම උණුසුම්!

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබේ.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරඟ කරන විපක්ෂයේ පක්ෂ විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය විධායක කමිටුව තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට විරුද්ධව සර්වජන බලය ඡන්දය භාවිතා කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles