Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පළාත් පාලන ආයතන බලය පිහිටුවන ආණ්ඩුවේ සැලැස්ම මෙන්න!

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.

විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතී. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත්, තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත්, ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ඕනෑම වියදමක් කර කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිකම ලැබුණත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණත්, රටේ අග නගරයේ පාලන බලය නොලැබීම බලවත් දේශපාලන ලජ්ජාවක් ලෙස ජාජබ නායකයෝ දකිති. කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයට ආසන 48 ක් පමණ ලැබී ඇති අතර, ඔවුන් ලද ඡන්ද ප්‍රතිශතය 36.92% කි.

සමගි ජන බලවේගයට ආසන 29ක්ද, එජාපයට 13 ක්ද, පොදු ජන පෙරමුණට 5ක්ද, මුස්ලිම් කොන්ග්‍රසයට 4ක්ද, එක්සත් සාම සන්ධානයට 2 ක්ද, සර්වජන බලයට 2 ක්ද, සහ අනෙකුත් පක්ෂවලට 1 බැගින්ද ආසන ලැබී තිබේ. ස්වාධීන කණ්ඩායම් පහක් අතර ඉතිරි ආසන 9 බෙදී ගොස් ඇත.

ජනාධිපතිවරයා ඉහත කී දේශපාලන පක්ෂ සමග නොව, මේ ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා අරඹා තිබේ. ආණ්ඩුවට සහාය පිණිස ‘ස්වාධීන’ මන්ත්‍රීවරුන් සමග කතා කිරීමට හිටපු ආණ්ඩුකාරයකුද මැදිහත් වී සිටින බව වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ ද තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles