ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව, 2025 අප්‍රේල් මාසයේදී විදේශගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 646.1 කි.
2025 වසරේ පළමු මාස හතර තුළ විදේශ ශ්‍රමිකයින් එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,460.5 දක්වා ඉහළ ගොස් ඇත.
මෙය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 18.3% ක වර්ධනයකි. 2024 වසරේ පළමු මාස හතර තුළ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,079.9 කි.
