මෙරටට වාහන ආනයනය කිරීමෙන් පසුව වාහන සඳහා වැඩි ඉල්ලුමක් නොමැති බව වාහන ආනයනකරුවන් පවසයි.
වාහන මත පනවා ඇති අධික බදු ප්‍රතිශතයන් නිසා ඒවායේ මිල ඉහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
දැනට අලෙවි වන්නේ මිල ගැටලුවක් නොමැති ඉහළ ධනවත් පුද්ගලයන් විසින් භාවිතා කරන වාහන වර්ග කිහිපයක් පමණි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ වාහන අලෙවිය විශාල වශයෙන් අඩු වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් රජයේ අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක ද අහිමි වීමේ අවදානමක් ඇති බව වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙයි.