Monday, May 12, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පුංචි ඡන්දයෙන් පසු මත ගැටුමක්, කැබිනට් සංශෝධයක් අත ළඟ!

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ හැසිරීම සහ කාර්ය සාධනය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ.

ජ.වි.පෙ. සහ ජා.ජ.බ. නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආණ්ඩුවේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැඩිව විවේචනය කර ඇති අතර ඒ ඔවුන්ගේ දුර්වල කාර්ය සාධනය සහ ජාතික කාරණා සම්බන්ධයෙන් නොසැලකිලිමත් ප්‍රකාශ හේතුවෙනි.

මෙය “නායකත්ව අර්බුදයක්” ලෙස වර්ධනය වන තත්ත්වයක් මධ්‍යයේ, ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාව විසින් පුළුල් කැබිනට් සංශෝධනයක් යෝජනා කර තිබේ. ඔවුන් විසින් සිදු කර ඇති වඩාත් මතභේදාත්මක යෝජනා වලින් එකක් වනුයේ වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ධුරයෙන් පහ කිරීමයි. 

පක්ෂයේ ඇතැම් පාර්ශව අමාත්‍ය බිමල් රත්නායක මහතාට ආණ්ඩුවේ ප්‍රමුඛ තනතුරක්, ලබා දිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර ඇතැමුන්ගේ අදහස වන්නේ බිමල් රත්නායක මහතා වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම වැනි දැඩි පියවරක් මගින් ජාතික ජන බලවේගය තවදුරටත් අස්ථාවර වනු ඇතැයි බියෙන් පසුවන ජ්‍යෙෂ්ඨ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජිකයින් පිරිසක් කැබිනට් සංශෝධනයක් පමණක් සිදු කිරීමට යෝජනා කර තිබේ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය කෙරෙහි ජනතා සහයෝගය පහත වැටීම ගැන ජනාධිපතිවරයා කලකිරීමට පත්ව ඇති නිසා එම ප්‍රතිඵලයෙන් පසු නිල ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහු වැළකී සිටි බවට දේශපාලන කසුකුසුවක් ද මේ වන විට නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles