Monday, May 12, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

කොටහේනේ සිසුවියගේ මරණය: ටියුෂන් ව්‍යාපාරිකයා වෙනුවෙන් NPP නිල පිටුවේ මුදල් ගෙවා දැන්වීමක් දාලා!

කොටහේනේ පාසල් සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ටියුෂන් ආයතනයක් හිමි ව්‍යාපාරික නවරායනපිල්ලේ සිවානන්දරාජා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔහු ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු සහ එහි විධායක සභාවේ සාමාජිකයකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීමෙන් පසු, ඔහුගේ ප්‍රකාශය ජාතික ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ ප්‍රබල විරෝධයක් එල්ල විය. පසුව ජාතික ජන බලවේගය එම වීඩියෝව මුදල් ගෙවා දැන්වීමක් ලෙස ෆේස්බුක් වෙත පළ කර තිබේ.

2025.05.06 වන දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ 109 දරන හදිසි දුරකථන අංකයට ලද පැමිණිල්ලක් අනුව, මියගිය සිසුවිය සහභාගි වූ උපකාරක පන්තියකදී නවරායනපිල්ලේ සිවානන්දරාජා දැරිය ඉදිරියේ දැඩි මානසික පීඩනයට පත් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම හේතුවෙන් දැරිය සිය දිවි නසා ගැනීමට පෙළඹී ඇති බවට ද පැමිණිල්ලේ සඳහන් වේ.

ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමඟ හමුවක් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles