ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එක්වී සිටිති.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් වන පරිදි, මැයි 03 වන දින රාත්‍රී 7.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ සහ රාත්‍රී 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතය.

