ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සිදුවූ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම සභාව ජාතික ජනබලවේගයට බලය හිමි සභාවක් වන අතර, එහි සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ප්‍රාදේශීය සභාවේ සතු මුදල් වැරදි ලෙස භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවට ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති නලීන් ප්‍රියදර්ශන මහතා ද සහභාගී වූ අතර ඔහු මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.