පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම පිළිබඳ තමන් කළ ප්‍රකාශය විපක්ෂය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගය (NPP) විසින් දිනා නොගත් පළාත් පාලන ආයතන සඳහා ඔහු අරමුදල් වෙන් නොකරන බවට ඔහු කල ප්‍රකාශයක් අනුව යමින් විපක්ෂය සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනාධිපතිවරයා වෙත චෝදනා කර තිබුණි.
මෙම ප්‍රකාශය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දූෂිත පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම රජය විසින් එකතු කරන ලද අරමුදල් වෙන් නොකරන බව තමා ප්‍රකාශ කළ බවයි. ඔහුගේ ප්‍රකාශය NPP පාලනය කරන සභාවලට පමණක් අදාළ නොවන බව ඔහු පැහැදිලි කළේය.
ජනාධිපතිවරයා සිය කතාවේදී භාණ්ඩාගාරයේ ඇති අරමුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව හරහා ඉතා ප්‍රවේශමෙන් රැස් කර ගත් බවත්, එම මුදල් දූෂිත පළාත් පාලන ආයතනවලට ලබා දිය නොහැකි බවත් පැහැදිලි කළේය.
නුවරඑළිය මහ නගර සභාවේ දූෂණය සම්බන්ධයෙන් උදාහරණයක් ගෙන හැර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ එවැනි දූෂිත ආයතන සඳහා මහජන මුදල් ලබා දිය යුත්තේ මන්ද යන්නයි.
ජනාධිපතිවරයා මධ්‍යම රජය මහජන මුදල් සොරකම් කිරීමෙන් හා නාස්ති කිරීමෙන් වැළකී සිටින ආකාරය සහ පළාත් පාලන ආයතනවලින් එය අපේක්ෂා කරන ආකාරය ගෙනහැර දැක්වීය. ඔහු ප්‍රශ්න කළේ මධ්‍යම රජය තම යුතුකම ඉටු කරන අතරතුර, පළාත් පාලන ආයතන මහජනතාව පාවා දෙන්නේ නම්, ඔවුන්ට එම අරමුදල් දෙන්නේ මන්ද යන්නයි.