Saturday, April 19, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පොලිස් ඇමති පොලිසි යයි; හයේෂිකාට සුපිරි ආරක්ෂාවක්!

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසිනි. එම ව්‍යාජ පුවතේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නිශ්ශංක සේනාධිපති නැමැත්තෙකු අතර හමුවක් අමාත්‍යංශයේ සිදුවූ බවට සඳහන් වී තිබුණි.

මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ටියුෂන් පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියකට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රශ්න මතුව තිබේ.

ජනාධිපති, අගමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව පවා අඩු කර රජයේ මුදල් ඉතිරි කළ බවට ප්‍රකාශ කරන ආණ්ඩුව මෙවැනි ටියුෂන් ගුරුවරියකට විශේෂ පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ කුමන පදනමකින් ද යන්න මෙහිදී මූලිකවම ප්‍රශ්න කර තිබේ. එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලීමක් මත පොලිස් ආරක්ෂාව ලබා දෙනවා ද යන්න පිළිබඳව ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

හයේෂිකා ප්‍රනාන්දු විසින් පසුගිය දිනක කොළඹ BMICH හි පැවති ඇයගේ ටියුෂන් පන්තියේ දරුවන් සඳහා වූ සම්මාන උළෙලකට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඇයට විශේෂ ආරක්ෂාවක් සලසා තිබුණි. ඒ සඳහා පොලිස් මෝටර් බයිසිකල් හතරක් හා ආරක්ෂක රථයක් යොදවා තිබූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles