Saturday, April 19, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ඇමති මහින්දටයි, දුවටයි මඩගහලා; CID විමර්ශනයක් ඉල්ලයි!

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් තමා සහ තම දියණිය සම්බන්ධයෙන් සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම ව්‍යාජ පුවතේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කරමින්, කොළඹ ප්‍රසිද්ධ හෝටලයක සිය දියණියගේ උපන් දිනය සමරන ලද බවත්, ඊට අදාළ අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එහි සඳහන් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ දී, අදාළ උපන් දින සාදය 2023 අප්‍රේල් 16 වන දින ගිරිඋල්ල ප්‍රදේශයේ සිය වැඩිමහල් දියණිය විසින් සංවිධානය කරන ලද බවත්, ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු බවත් සඳහන් කර ඇත.

මෙම ව්‍යාජ පුවත තමාගේ සහ තම දේශපාලන ව්‍යාපාරයේ කීර්ති නාමයට බරපතල හානියක් සිදු කරන බවත්, තම දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අපහාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණිල්ලේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව, අදාළ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා, අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මීට පෙර වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබීම කැපී පෙනෙන කරුණක් විය.

එසේ පැමිණිලි කල මහජන නියෝජිතයන්,

1. අමාත්‍ය හර්ෂණ නානායක්කාර – පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ ලෙස සටහන්  වීම පිළිබඳව 

2.අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති – මුදල් වංචාවක් පිළිබඳව 

3.නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල – වංචා සහගත ලෙස පාස්පෝර්ට් ලබා ගැනීමක් පිළිබඳව 

4.මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න – පුද්ගලික ගැටළුවක් පිළිබඳව 

5.මන්ත්‍රී විජේසිරි බස්නායක – පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිද්ධියක් පිළිබඳව 

6.මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි – පුද්ගලික ගැටළුවක් පිළිබඳව 

7.නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ – ව්‍යාජ ප්‍රවෘත්තියක් පිළිබඳව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles