සුපර් මුස්ලිම් යන නාමයෙන් යම් මතවාදයක් මුස්ලිම් සමාජය තුළ ගොඩනැගෙමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
නමුත් එය පොදු මුස්ලිම්වරුන්ගේ කැමැත්ත නොවන බවත් විකෘති අන්තවාදී ප්‍රවණතාවයක් දක්වා යන බව පෙනෙන්නට ඇති බවත් හෙතෙම පැවසුවේය.
ඒවා සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බවද ඒ මහතා පැවසුවේය.
මඩකලපුව ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේග ප්‍රචාරක ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළ අතර මේ පිළිබඳව පසුගිය මාර්තු 08 වන දින InfoSriLanka.LK අප විසින් හෙළිදරව් කල අතර ඒ පිළිබඳ විවිධ මුහුණුවරින් පෙනී සිටින ඇතැම් අන්තවාදී කල්ලි විසින් විවේචනය කර තිබිණ.
කෙසේ නමුත් මේ වන විට මෙම අන්තවාදී කල්ලි පිළිබඳව බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් පවතියි.