Sunday, April 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

බටලන්ද විවාදය අද! 

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ විය.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වේ. අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිතය. අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින තෙක් කල් තැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles