Sunday, April 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්නැයි සජිත්ට බලපෑම්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (10) සර්ව පාක්ෂික නායක රැස්වීමක් කැඳවා ඇත. එහි අරමුණ වන්නේ ඇමරිකානු තීරුබදු බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමයි.

මෙම රැස්වීම හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය X ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

අද උදෑසන විපක්ෂ නායකයින් 12 දෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට ඉල්ලා සිටි බවත් එහිදී ඔවුන් අමෙරිකානු තීරුබදු ගැටලුව සාකච්ඡා කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ආණ්ඩුවේ සමහර පාක්ෂිකයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අදහස් දක්වමින් සිටිති. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතාට අපහාස වන ලෙස සටහනක් තබා තිබේ.

කෙසේ නමුත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ තීරුබදු බලපෑම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යවා ඇති බවයි.

ආණ්ඩු පාර්ශවයේ මෙම ප්‍රකාශ හේතුවෙන් බොහෝ පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සර්ව පාක්ෂික රැස්වීමට සහභාගී නොවන ලෙස ඉල්ලා ඇත.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග්, ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡාවක ද නිරත වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles