ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය පිළිබඳ ආයතනය (IDAG), සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය (NMSJ) සහ පැෆරල් ආයතන ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාවේ ආශිර්වාදය ඇතිව පවත්වනු ලබන “නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පළාත් පාලන අපේක්ෂකයින් සඳහා වන මාර්ගෝපදේශ වැඩසටහන” පිළිබඳ වීඩියෝ වැඩසටහනේ සිංහල මාධ්‍ය වැඩසටහන නිකුත්ව තිබේ.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සහ සන්නිවේදන උපායමාර්ගික විශේෂඥ චමීර දෙද්දුවගේ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සිදුකර ඇති අතර පූරකවරයා ලෙස කටයුතු කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ මහතායි.
මෙම වැඩසටහන මඟින් පළාත් පාලන අපේක්ෂකයින් සඳහා අත්‍යවශ්‍ය පහත කරුණු ආවරණය වේ.
- මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව නීතිමය තත්ත්වය සහ අපේක්ෂකයකු විසින් එම නීතියට අනුකූලව මැතිවරණ ව්‍යාපාරය පැවැත්විය යුතු ආකාරය සහ වාර්තා පවත්වාගැනීම සහ නිසි පරිදි ඉදිරිපත් කළයුතු ආකාරය.
- නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පළාත් පාලන අපේක්ෂකයකුගේ වගකීම.
- මැතිවරණ කාලසීමාවේදී හැසිරිය යුතු ආකරය සහ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ සහ නිදහස් මැතිවරණයකට බාධාවක් නොවන අයුරින් පැවැත්විය යුතු ආකාරය.
- මැතිවරණ රාජකාරි නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියේ කාර්යභාරය සහ අපේක්ෂකයින් විසින් පොලිස් නිලධාරීන් වෙත නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා දැක්විය යුතු සහයෝගය.
- මැතිවරණ නීති උල්ලංඝණය නොවන අයුරින් වඩා සඵලදායී සහ කාර්යක්ෂම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සැලසුම් කරගන්නා ආකාරය.
වීඩියෝ වැඩසටහ පහතින් නැරඹිය හැකි අතර IDAG ආයතනය විසින් නායකත්ව සංවර්ධනය, ප්‍රතිපත්ති උපදේශනය, සිවිල් අධ්‍යාපනය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ මහජන වගවීම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික ආයතනයක් ලෙසත්, ප්‍රජා සහභාගීත්ව මුල පිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ ක්‍රියාකාරී පර්යේෂණ සිදු කරන ආයතනයක් ලෙසත් කටයුතු කරනු ලැබීමට නියමිතය. එසේම IDAG ආයතනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ සමකාලීන පාලන අභියෝගවලට මුහුණ දීම සඳහා තරුණ දේශපාලන නායකයින්ගේ නව පරම්පරාවක් බිහි කිරීම ය.
වැඩි විස්තර පහත සබැඳි ඔස්සේ ලබා ගත හැකිය.
www.idag.lk | sadharana.org | www.paffrel.com