Wednesday, April 9, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මාලිමාව බටලන්ද අකුලයි: රනිල්ගේ ජන්ම දිනයට කලින් ම පාටි!

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හැකියාවක් නැති බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් නිපුනආරචිචි මහතා සඳහන් කරයි.

මෙම කොමිසම පිහිටුවා ඇත්තේ 1948 පනතෙන් බවත් පැවසූ ඔහු එම පනතින් පිහිටුවන කොමිෂන් සභාවලින් ප්‍රජා අයිතියක් අහෝසි කළ නොහැකි බවද කියා සිටී.

1978 පනතින් කොමිසම පිහිටුවා තිබුනේ නම් පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ප‍්‍රජා අයිතිය අහෝසි කළ හැකි බවද ඔහු කියා සිටියේය.

දෙරණ නාලිකාවේ පැවැති අලුත් පාර්ලිමේන්තුවේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස්  පළ  කරන  ලදී.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය හෙට (24) යෙදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles