හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවක ගැටුමක් ඇති වී තිබේ.
ඔවුන් සමඟ පුද්ගලයන් අට දෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් අයෙකු සමාජ ශාලාවට ඇතුළු වීමට අවශ්‍ය අත් පළඳනාවක් නොතිබීම ගැටුමට හේතු වී තිබේ. ආරක්ෂක අංශ නිලධාරියෙකු අත් පළඳනාව ගැන විමසූ අවස්ථාවේ බහින් බස් වීමක් ඇති වී ඇති අතර, පැමිණි අට දෙනා ආරක්ෂක නිලධාරියාට පහර දී තිබේ.
ඒ වන විට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. සිදුවීම සම්බන්ධයෙන් සමාජ ශාලාවේ හිමිකාරිනිය පොලිසියට පැමිණිලි කර ඇති අතර, පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබේ. පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දී තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා මුල්‍ය විශුද්ධිකරණයට අදාළව මේ වන විට අධිකරණයේ පවතින නඩුවක චූදිතයෙකු ලෙස නම් කර ඇති අතර ඇප මත නිදහස්ව සිටී.