back to top
Sunday, January 18, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

නන්දන ගුණතිලකගේ මරණයත් සමඟ ආණ්ඩුවේ බිහිසුණු රහසක් එළියට!

වර්තමාන රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකත්වය විසින් සමාජය හමුවේ ප්‍රදර්ශනය කරන ‘පිරිසිදු දේශපාලන’ ප්‍රතිරූපය පිටුපස ඇති අඳුරු සහ බිහිසුණු යථාර්ථය හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අභාවයත් සමඟ යළිත් කරළියට පැමිණ තිබේ. තමන්ගේම පක්ෂයේ හිටපු ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මියයන්නට පෙර තැබූ සටහනකින් කියැවෙන්නේ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මෙහෙයවන ‘මිනීමරු කණ්ඩායම්’ (Killing Squads) තමන්ගේ ජීවිතය දඩයම් කිරීමට සැදී පැහැදී සිටින බවයි.

මෙම හෙළිදරව්ව හුදු දේශපාලන චෝදනාවක් පමණක් නොවන අතර, එය වත්මන් පාලනය යටතේ විරුද්ධ මතධාරීන් මුහුණ දී සිටින අනාරක්ෂිත භාවය මැනවින් පෙන්නුම් කරන්නකි. වරෙක ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස පවා කටයුතු කළ නන්දන ගුණතිලක වැනි නායකයෙකුට පවා, රෝහල් බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව අන්ත අසරණව මියයන්නට සිදු වූයේ මන්දැයි යන්නත්, ඔහු මියයන මොහොතේ පවා තම පැරණි සගයන්ගෙන් එල්ල වූ මරණීය තර්ජන පිළිබඳව බියෙන් පසු වූයේ මන්දැයි යන්නත් පිළිබඳව දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී ඇත.

ආණ්ඩුව බලයට පැමිණියේ ‘පද්ධති වෙනසක්’ (System Change) ගැන කතා කරමින් වුවද, බලය ලබාගත් පසු ඔවුන් ක්‍රියා කරන්නේ පැරණි භීෂණ සමය සිහිපත් කරවන ආකාරයට බව විවේචකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) සහ ICCPR පනත වැනි මර්දනකාරී නීති යොදා ගනිමින් මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් නිහඬ කිරීමට ගන්නා උත්සාහයන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල පවා දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

එපමණක් නොව, ගම්පහ යක්කල ප්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට රජයට හිතවත් කණ්ඩායම් කටයුතු කිරීම සහ ඊට රාජ්‍ය බලය මෙන්ම පොලිස් සහාය හිමි වූ බවට එල්ල වන චෝදනා මගින් තහවුරු වන්නේ මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘දේශපාලන මර්දනය’ වැළඳගෙන ඇති බවයි. ‘බටලන්ද’ වැනි පැරණි අපරාධ ගැන කතා කරමින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට උත්සාහ කරන ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම, තමන්ට එරෙහිව එල්ල වන ‘මිනීමරු කණ්ඩායම්’ ක්‍රියාත්මක කිරීමේ චෝදනා හමුවේ මුනිවත රැකීම මගින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටටම හෙළි වී හමාරය.

නන්දන ගුණතිලක මහතාගේ මරණයත් සමඟ නැවතත් සක්‍රීය වී ඇති මෙම භීෂණයේ කළු සෙවණැලි, වර්තමාන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී මුවාව යට පවතින සැබෑ ඒකාධිපති සහ දරුණු මර්දනකාරී මුහුණුවර ලොවටම ප්‍රදර්ශනය කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles